14 September 2026
ඔස්ට්‍රේලියාවේ 'Social Media' නීති තද වෙයිද? ඒවා ජනතා නිදහස සීමා කරයිද?
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
ඔබ 'Facebook', 'Instagram' හෝ 'TikTok' හරහා වැඩසටහන් නැරඹීමේදී ඒ සමාජ මාධ්‍ය ජාලා ඔබට පෙන්වන්නේ මොනවාද කියලා තීරණය කරන්නේ ඇත්තටම ඔබද? නැත්නම් ඒ අදාළ සමාජමාධ්‍ය ජාලයේ ඇති 'algorithm' එකද? දැන් ඔස්ට්‍රේලියානු රජය ගෙන එන්න සූදානම් වන 'Digital Duty of Care' නව නීති යෝජනාවෙන්, social media සමාගම් අපට පෙන්වන වැඩසටහන් 'content' සම්බන්ධයෙන් විශාල වෙනසක් කරන්න යෝජනා කර තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් විපක්ෂය තම විරෝධය පලකරලා තියෙනවා. ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයන් අපි ඔබ වෙත ගෙන එනවා.